රට බංකොලොත් කළ එකම ආණ්ඩුව මෙයයි…! ඒ පව ලබන ආත්මේ හරි ගෙවන්න වෙයි..! – කිරිඇල්ල…

December 8, 2022 at 2:34 pm | by emanisa.lk

රට බංකොලොත් කළ පාපයට මෙලොව උසාවියෙන් බේරුණත් පරලොව උසාවියෙන් නම් බේරෙන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට යම් මුදලක් ඉතුරු වෙන අතර ඒ මුදලින් සහනාධාර ලබා දුන්නත් එය ආර්ථික ජයග්‍රහණයක් නොවන හෙයින් වැරදි චිත්‍රයක් මවන්න එපා යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

නිදහසින් පසු ආණ්ඩු ගණනාවක් රට පාලනය කළත් එක ආණ්ඩුවක් හෝ රට බංකොලොත් කළේ නැතැයි ද හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට මුදල් ඉතුරු කර ගිය බව ද ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *