තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) විශ්‍රාම වැටුපක් සමග රුපියල් මිලියන 2.5ක වැටුපක් ලබන බවට සිදු කර ඇති ප්‍රකාශ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතික්ෂේප කරයි.
මහ බැංකු අධිපතිවරයා ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.
දේශපාලකයින් කිහිප දෙනෙකු යටි ගිරියෙන් කෑ ගසමින් සිදුකළ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.
තමන්ට ලැබෙන්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස ලක්ෂ 04ක මාසික වැටුපක් බව පවසන නන්දලාල් වීරසිංහ, එය ලක්ෂ එකහමාරේ සිට හතර දක්වා වැඩි කරගෙන විශ්‍රාම වැටුපක් ද එකතු කරගෙන ඇත්තේ හිටපු මහ බැංකු අධිපතිවරයා බව ද සඳහන් කළේය.