ඩුබායි බැංකුවල රාජපක්ෂවරුන්ගේ මුදල් බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
ඩුබායි බැංකුවල රාජපක්ෂලා ඩොලර් බිලියනයක් තැන්පත් කරන ලද අනාවරණයන් ගැන සොයා බැලීමට නිලධාරීන් පිරිසක් එරටට යවන ලද බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
කෙසේ වුව ද එවැනි මුදලක් තැන්පත් කරන ලද බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එම පිරිස තමන් වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ වැඩි දුරටත් කීය.
ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.