ලංකාව ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 17ක ණය ගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි.
එම ඩොලර් බිලියන 17න් 12ක් හෙවත් 70%ක් ගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුව බවයි, මහාචාර්වරයා ප්‍රකාශ කළේ.
2019 වසරේ පමණක් එම ආණ්ඩුව ඩොලර් බිලියන 4.4ක් ණය ගෙන ඇති බවත් එය 2014 දක්වා ගත් සමස්ත ණය ප්‍රමාණයට ආසන්න බවත් මහාචාර්ය ගුණරුවන් පෙන්වා දෙයි.
ලංකාව 1950 සිට විදෙස් රටවලට දිගට ම ණය වූ බවත් එම ණය ප්‍රමාණය පළමු වතාවට අඩු කළේ 2020 බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වුව ද මෙලෙස රටේ ණය අඩු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගහලා පන්නා දැමූ බවත් මහාචාර්ය ගුණරුවන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.