රටට එන්න ඕන ඩොලර් බිලියන 35ක් පිටරට හංගලා..! රට අගාධයට ගියේ මෙන්න මේ ගේම් නිසයි…! – විමල්…

November 20, 2022 at 9:01 am | by emanisa.lk

මේ රටට ලැබිය යුතු ඩොලර් බිලියන 35කට අධික මුදලක් වෙන රටවල සඟවා තැබීමට ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බවට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරයි.

එම මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය පනත සංශෝධනය කළ යුතු වුවත් මෙතෙක් එය සිදු කර නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

ඉන්දියාව 1991 මෙවැනි ම ආර්ථික අර්බුදයකට ගොදුරු වූ බව පවසන විමල් වීරවංශ, එරට නිෂ්පාදන කිසියම් රටකට අලෙවි කළහොත් අදාළ මුදල මාස තුනක් ඇතුළත රටට ගෙන ඒම සඳහා එකල නීති සම්පාදනය කළ බව ද පෙන්වා දෙයි.

එහි ප්‍රතිඵලය ලෙස අද ඉන්දියාව ලොව බලගතු තෙවන ආර්ථිකය බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානය බවට පත් කරමින් ඇති බවත් ඔහු සඳහන් කරයි.

රටේ නිෂ්පාදන අපනයනය කර උපයන විදේශ විනිමය මාස තුනක් ඇතුළත ලංකාවට ගෙන ආ යුතු බවට පැවැති නීතිය යහපාලන ආණ්ඩුව සමයේ රවී කරුණානායක සංශෝධනය කර රටට ලැබිය යුතු ඩොලර් පිට රටවල සැඟවීමට ඉඩ ලබා දී ඇති බවට ද විමල් වීරවංශ චෝදනා කරයි.

උත්තර ලංකා සභාගයේ රට ම බලමුළු ගන්වන මහජන සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ (19) අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *