ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ අළු මතින් නැඟිටිමු ජන රැලි මාලාව නවතා දැමීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.
පොදුජන පෙරමුණු පාලක ලේකම් රේණුක පෙරේරා පවසා තිබුණේ, එළඹෙන අයවැය කාලයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නිසා එම තීන්දුව ගත් බවය.
කෙසේ වුව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම ජන හමු මාලාවට විරෝධය පළ කළ අතර පාක්ෂික අදහස් විමසා පක්ෂය ප්‍රතිසංවිධානය කර නැවත ගමට යා යුතු බව ඔහුගේ අදහස විය.
ප්‍රසන්න රණතුංග ගම්පහ අදාළ ජන රැලිය සංවිධානය නොකිරීමත් ඉදිරියේ දී තවත් නායකයින් එම තීන්දුව ගැනීමේ අවධානමත් අදාළ ජනහමු මාලාව හදිසියේ නවතා දැමීමට හේතු වූ බව ද ඇතැම් ආරංචි මාර්ග අනාවරණය කරයි.