ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැගීමට බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් මාලාවට තමා විරුද්ධ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
“එදා මම රට යන දවස. මම ආවට පස්සේ ආරච්චිකට්ටුවට ගියා. සනත් ඇහුවා අයියේ ඔයා කතා කරනවා ද කියලා. මම කිව්වා මල්ලි මම මේ වැඩේට විරුද්ධයි කියලා.
මහින්ද රාජපක්ෂට ගෞරවනීය සමුදීමක් දෙන්න අපි හැදුවේ. අපිට ඒ දේ කරගන්න බැරිවුණා. අපි ආපහු එතුමාව ඇයි මේ තත්ත්වයට පත්කරන්නේ.
අපට අද පාරේ නිදහසේ බැහැලා යන්න හදලා දීපු නායකයෙක් මේ මට්ටමට පත්කරන්න එපා කියලා නාමල්ගේ මූණට ම මම කිව්වේ. එයා ඒක පිළිගත්තා.”
එමෙන්ම බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
“මං හිතනවා පුළුවන් කියලා. මම බැසිල් රාජපක්ෂට කතා කරලා ඇහුවා 22 ගේන්න හදනවා, මොකද කරන්නේ කියලා. ප්‍රසන්න මට යුද්දේ ගැටලු වගයක් තියෙනවා. මට ඒක නිසා ද්විත්වපුරවැසිභාවය අහෝසි කරගන්න බෑ.
එතුමාට යුද්දේ චෝදනාවල් තිබුණා නේ. ඔයාලා දන්නවානේ UN වාර්තාවේ මොනව ද තිබුණේ කියලා. හැබැයි අපි දැන් වයසයි. ඔයාලා මේක අතට අරගෙන කරන්න කිව්වා. මන් ගැන හිතන්නේ නැතුව ඔයාලා පක්ෂයක් හැටියට තීන්දු කරලා කරන්න කිව්වා.”
දෙරණ 360 වැඩසටහනට ඊයේ (31) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.