එජාපයේ තනතුරු වියත්මගේ වියතුන්ට…!

November 12, 2022 at 10:11 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූරවලට උගත් වෘත්තීයවේදීන් පිරිසක් පත්කිරීමට කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ඒ අනුව නීතිඥයන්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් ඇතුළු උගත් නවකයන් රාශියකට බිම් මට්ටමේ වගකීම් පැවරීමට පියවර ගෙන ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

උගත් කණ්ඩායමකට එජාපයේ වගකීම් ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ සිදුවෙන බව ද ඔහු කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *