මට පොඩි කාලේ තිබුණේ එක ම ඇඳුමයි..! හෝද හෝද සතිය ම ඇන්දේ ඒක..! – විමල්…

November 8, 2022 at 1:21 pm | by emanisa.lk

තමාට පොඩි කාලේ තිබුණේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේ ම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ පවසයි.

පාසල් ගුරුවරුන් කියන්නේ රජයේ වෙනත් රැකියා කරන අයට වඩා වෙනස් වෘත්තියක් බව කී විමල් වීරවංශ, ළමයින් අනුකරණය කරන්නේ සහ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය බැවින් ගුරුවරුන්ගේ බාහිර පෙනුම රජයේ වෙනත් රැකියා කරන අයගේ බාහිර පෙනුමට බලපාන බව කීය.

එන්,ජී.ඕ කාර බත්බැලයන් එක එක යෝජනා කාලෙන් කාලෙට ගේන අතර දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියා එක වර කීමට නොහැකි නිසා ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කරන්න හදන බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා කරයි.

ව්‍යාජ අනුකම්පාවක් මවා මෙය කරන්නට එපා යැයි ද විමල් වීරවංශ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *