ලංකාවට එන්නේ සංචාරකයෝ නෙමෙයි ගණිකාවෝ…! ඒ ඩොලර් අරන් නෙමෙයි කීයක් හරි හොයා ගෙන යන්න…! – විජයමුණි සොයිසා…

November 6, 2022 at 10:51 am | by emanisa.lk

රුසියානු යුක්‍රේන යුද්ධය නිසා මේ අවස්ථාවේ රටට සංචාරකයින් එන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

එලෙස එන්නේ මේ රටේ වියදම් කිරීමට නොව ගණිකා වෘත්තියේ යෙදී කීයක් හෝ හම්බ කරගෙන යාමට බවයි, ඔහු හෙළි කළේ.

උද්ඝෝෂණ නිසා සංචාරකයින් නොපැමිණෙන බවට සිදුකරන ප්‍රචාර අසත්‍ය බවත් සංචාරකයින් පැමිණෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට බවත් විජයමුණි සොයිසා අවධාරණය කරයි.

ගංජා නීතිගත කරන රෑට නයිට් ලයිෆ් එකක් ඉල්ලන ඩයනාට රෑට මිනිහත් එක්ක සිටිය නොහැකි දැයි විමසන හිටපු ඇමැති විජයමුණි සොයිසා, ගංජා ගහලා මදි නම් අලියෙකුට කියා කෙළවා ගන්නැයි ද සඳහන් කරයි.

නෙළුම් කුලුනු උඩින් වාඩි වූයේ නම් ද තව්තිසාව නොව බ්‍රහ්මලෝකය පෙනෙනු ඇතැයි ද රට බංකොලොත් වූයේ රාජපක්ෂලා සෑදූ නැව් නොඑන වරාය, යානා නොඑන ගුවන්තොටුපළ ආදිය නිසා බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *