අනුර දිසානායකලා සහ ටිල්වින් සිල්වාලා සජිත් ප්‍රේමදාසට ඔටුනු පැළඳවීමට අකමැති වුව ද මෙයට පෙර බොහෝ පිරිසකට ඔටුනු පළඳා ඇතැයි නලීන් බණ්ඩාර පවසයි.
සජබ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 1994 විහාරමහා දේවියට ද 2004 උඩුරැවුල්කාරයෙකුට ද ජවිපෙ ඔටුනු පැළඳ වූ බවයි.
වළව්කාරයින්ට කොළඹ හතේ ටයිකෝට් මහත්වරුන්ට ඔටුනු පැළඳ වූ ජවිපෙ පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන සජිත් ප්‍රේමදාසට ඔටුනු පැළඳවීමට අකමැති බවට ද හෙතෙම චෝදනා කරයි.
පසුගියදා පැවැති විරෝධතාව අතරතුර සජිත් ප්‍රේමදාස කොන්කිරීම සඳහා ආණ්ඩුව හෝ ජවිපෙ පිරිස් යොදවා විරෝධතා සිදුකළ බවයි, නලීන් බණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
අද (04) සජබ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කීය.