ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක් සිදු වූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල (OMP)ප්‍රධානි මහේෂ් කටුන්දල පවසයි.
2009 වසරේ හමුදාවට භාර වූ දෙමළ ජාතිකයින් අතුරුදන් වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් වෙල්ලමුල්ලිවයිකාල්හි දී කොටි සංවිධානය ප්‍රාණ ඇපයට ගත් 60 000ක් පමණ දෙමළ ජනතාව හමුදාව විසින් නිදහස් කරගත් බවත් මහේෂ් කටුන්දල පෙන්වා දී තිබේ.
අතුරුදන් වූ දෙමළ ජනතාව කොටි සංවිධානය මගින් පැහැර ගත් බවයි, රොයිටර් පුවත්සේවය සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ.