කොළඹට ලොකු සෙනඟක් එයි කියල හිතුවට වැඩිපුර ආවේ පොලිසිය…! – අමරවීර..

November 3, 2022 at 10:20 pm | by emanisa.lk

ඊයේ විරෝධතාවට කොළඹට අවම වශයෙන් 50 000ක් එනු ඇතැයි තමා සිතූ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කෙසේ වුව ද අවසානයේ විරෝධතාකරුවන්ට වඩා කොළඹ පැමිණ තිබුණේ පොලිස් නිලධාරීන් බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ශ්‍රීලනිපයට විරෝධතාවට 200 දෙනෙකු කැඳවාගත නොහැකි තත්ත්වවට වැටී අසරණ වූ බව ද  හෙතෙම කීය.

රටේ ප්‍රශ්න තිබුණ ද සංචාරක කර්මාන්තය බිඳ දැමීම සඳහා විරෝධතාවලට එන ලෙස ජනතාවට කී විට ඔවුන් නොඑන බව මෙමගින් තහවුරු වූ බව ද ඇමැති අමරවීර පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *