ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂය දියත් කළ විරෝධතාවට පොලිසිය යොදවා ගැටුමක් නිර්මාණය කරලීමට ආණ්ඩුව උත්සාහ කළ බවත් තමන් එම උගුලෙහි නොවැටුණු බවත් සමගි වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.
එම විරෝධතාව සඳහා එන්නේ ත්‍රස්තවාදීන් බවට ලේබල් අලවමින් ආණ්ඩුව පසුබිම සැකසූ බවට ද හෙතෙම චෝදනා කරයි. මේ රටේ ඊළඟට බලයට පත්වන පුද්ගලයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එය සාර්ථක ලෙස පරාජය කළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.
විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ මැරයින් ලෙස ජනතාව ඉදිරියේ හංවඩු ගැසීමට ආණ්ඩුව ගත් උත්සාහය විපක්ෂ නායකවරයා විසින් වැළැක් වූ බවත් ආණ්ඩු විරෝධී විරෝධතාව අවිහිංසාවාදී එකක් ලෙස සමාජගත වූ බවත් ආනන්ද පාලිත පෙන්වා දෙයි.
පොලිසිය පැමිණියේ සිය රාජකාරිය කිරීමට බවත් එසේ නොවුණහොත් රැකියාව අහිමි වන බවත් පොලිස් නිලධාරීන් සඳහන් කළ හෙයින් පොලිසිය සමග ගැටුමකට නොගිය බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.