විරෝධතාවට නාවේ ආණ්ඩුවට පක්ෂ ජවිපෙ විතරයි…! – සජබ…

November 3, 2022 at 6:24 pm | by emanisa.lk

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ඊයේ පැවැත් වූ විරෝධතාව සඳහා විපක්ෂයේ සියලු පක්ෂ එකතුකරගත හැකි වීම පිළිබඳ සතුටු වන්නේ යැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඒ සඳහා එකතු නොවුණේ ආණ්ඩුවට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

තම විරෝධතාව සාමකාමී ලෙස පැවැති බවත් එයට සරදම් කරන්නේ තමන් තනි වී ඇති නිසා ඇති වන කේන්තියට බවත් රංජිත් මද්දුමබණ්ඩාර වැඩි දුරටත් පැවසීය.

අද (03) සජබ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *