ලොකු ලොකු හොරුත් බත් මුට්ටි කොල්ල කන තැනට වැටිලා..! – හඳුන්නෙත්ති..

November 3, 2022 at 2:22 pm | by emanisa.lk

සියලු ගිනිවලට වඩා බඩගින්න දරුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ නිසා ජනතාව අද බැංකු කැඩීමට නොව ගෙවල් බිඳ බත් මුට්ටි කොල්ලකන තැන තැනට සිය ජීවිත අවධානමේ හෙළා ඇතැයි ද හඳුන්නෙත්ති සඳහන් කරයි.

කඩ බිඳින හොරු සියල්ලට පෙර කඩේ ඇති දෙයක් කන බවත් අද හොරු පවා සිටින්නේ බඩගින්නේ බව ඉන් තහවුරු වෙන බවත් ඔහු කියයි.

අද පාරක පාන් ගෙඩියක් රැගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පවසන හඳුන්නෙත්ති, විජේවීර සහෝදරයා එය වසර 50කට පමණ පෙර ප්‍රකාශ කළ බව ද සිහිපත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *