අද (02) දිනයේ පොලීසිය තමන් සමග ගැටුමකට පැමිණියහොත් තමාගේ ට්විටර් ගිණුම හරහා ඊට පිළිතුරු ලබාදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
“මම පොලීසියත් එක්ක හැප්පිලා ට්විටර් පණිවුඩයක් දැම්මොත් ඉතින්. ට්විටර් එකේ මාව ෆලෝ කරනවා ලක්ෂ 3කට වැඩියෙන්. ලෝකෙ හැමතැනම මගේ ට්විටර් එක යනවා. ඉතින් ගහමු..
අද පොලීසියයි ට්විටර් එකයි එන්න කියලා. මට පොලීසිය එක්ක හැප්පිලා ට්විටර් දාන්න දඟලන්න ඕනේ නැහැ. පොලීසිය මාත් එක්ක අද හැප්පුනොත්.. මගේ ට්විටර් එක ලෝකය පුරා යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.”