රාජ්ය කඨින චීවර පූජා උත්සවය ඊයේ (30) මිහින්තලේ රජමහා විහාරයේ දී පැවැත්විණි.
ඒ මහින්දාගමනයට වසර 2530ක් පිරීම නිමිත්තෙනි.
විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
රාජ්ය උත්සව සඳහා රජය නියෝජනය කරමින් එහි නායකයින් සහභාගී වීම සම්ප්රදාය වුව ද මෙම උත්සවය සඳහා ජනාධිපති අගමැති හෝ කිසිදු මැති ඇමැතිවරයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.