ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කඳුරට ජනතාවට බෙහෙවින් ආදරය කළ ඔවුන්ගේ ප්‍රශ්නවලට සවන් දුන් නායකයෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි වූ වහාම වතුකරයේ කම්කරු ජනතාව එම වහල් ජීවිතයෙන් මුදවා කුඩා තේ වතු හිමියන් බවට පත්කරවන බවයි, විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.
රොබටික්ස්, ආටිෆිෂල් ඉන්ටලිජන්ස් ආදී නවීන අවස්ථා එම ජනතාවගේ දූවා දරුවන්ට ද ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මෝඩ පොහොර තීන්දුවක් මගින් කඳුරට ජනතාව විනාශ කළ බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් නගර සභා සහ මහ නගර සභා බිහි කරන බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.