පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල හෙට (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.
අද (30) හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වුව ද මාධ්‍යවලින් පළකරන මිලට තවමත් පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් එන්. කේ. ජයවර්ධන සඳහන් කරයි.
රුපියල් 320 ක්ව පැවැති පාන්පිටි කිලෝවක් මේ වන විට 298 ක් දක්වා අඩු වී ඇති බව කී එන්. කේ. ජයවර්ධන ඒ පිළිබඳව අවධානය යොමු කර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.