මහ කන්නෙට මඩ පෝර නෑ..! ලබන යළට නොමිලේ දෙනවා..! – ඇමැති…

October 30, 2022 at 4:52 pm | by emanisa.lk

ඉදිරි යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ආධාරයක් ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනය එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව ලබන යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

යුදමය වතාවරණය නිසා යුක්‍රේනය එම පොහොර අපනයනය අත්හිටුවා ඇති බැවින් මෙවර මහ කන්නයට එම පොහොර ලබා ගැනීමට අපහසු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙවර මහ කන්නයේ දී මුලික පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ලබාදීම සඳහා මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

2022/23 මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *