ද. කොරියාවේ හැලෝවීන් ඛේදවාකයෙන් ලාංකිකයෙක් මරුට…! තුවාල ලැබූවන් අතරත් ලාංකිකයෙක්…!

October 30, 2022 at 12:39 pm | by emanisa.lk

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව තහවුරු වී තිබේ.

මෙම සිද්ධියෙන් 151 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ තරුණයෙකු බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි පවසයි

පුද්ගලයින් 82 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඒ අතරද ලාංකිකයෙකු ඇතැයි දැන ගන්නට තිබේ. මියගිය පිරිස අතර විදේශිකයන් 19 දෙනෙකු සිටින බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *