ඇමරිකා එක්සත් ජනපදය ඩීසල් ඇතුළු දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දෙමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
The Economic Times මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ ආර්ථිකය හැකිළීමට සහ ඉන්ධන භාවිතය සීමා කිරීමට කටයුතු නොකළහොත් ඉදිරි මාස හය තුළ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන හිඟයක් පැන නැඟිය හැකි බවයි.
එක්සත් ජනපද ඩීසල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් සති 03කට පමණක් බව The Economic Times වැඩි දුරටත් අනාවරණය කරයි.
මේ වන විට ඇමරිකානු තෙල් සංචිතය බැරල් මිලියන 106කට පහත වැටී ඇති අතර එය එරටින් 1982 වසරින් පසු වාර්තා වූ අඩු ම තෙල් සංචිතයයි.