අඩු බර පාන් හදන්නේ පිටි මිල නිසා..! – බේකරි සභාපති..

October 27, 2022 at 10:34 pm | by emanisa.lk

බරින් යුතු පාන් නිශ්පාදනයට ඇතැම් බේකරි හිමියන් පෙළඹී ඇත්තේ තිරිඟු පිටි සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වීම නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.

අඩු බර පාන් වැටලීම් කළාට එය ප්‍රශ්නයට උත්තරයක් නොවන බව පවසන ඔහු, බේකරි හිමියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන තුරු ප්‍රශ්නය එතනම යැයිද පැවසීය.

තිරිඟු පිටි ඇතුළු සෙසු අමුද්‍රව්‍ය අධික මිල නිසා ග්‍රෑම් 400ක පාන් ගෙඩියක් රුපියල් 190-200ට  නිෂ්පාදනය කළ නොහැකි නිසා ඇතැම් බේකරි හිමියන් අඩු බර පාන් නිශ්පාදනයට පෙළඹී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *