අල්ලස් ගැනීමේ කප් එක ප්‍රා.ලේ. කාර්යාවලට…!

October 22, 2022 at 11:02 am | by emanisa.lk

අල්ලස් ගැනීම් වැඩිපුර ම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඊට පසු අල්ලස් ගැනීම් වැඩිපුර සිදුවන ආයතන වන්නේ පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙතියි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි.

ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල අල්ලස් ගැනීම් සුලබව සිදුවන බවත් විශේෂයෙන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මේ ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප බව පවසන එම කොමිසම පැමිණිලි ඉදිරිපත් නොකෙරෙන අවස්ථා ඉතා වැඩි බවද සඳහන් කරයි.

සමහර පුද්ගලයන් රස්තියාදු වීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන තත්ත්වයක් ඇති වී තිබෙන බව කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති. රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව තුන්සියයකට අධිකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *