22 සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක්…! විරුද්ධව ඡන්ද 01යි…!

October 21, 2022 at 7:12 pm | by emanisa.lk

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද එකක් පමණි.

පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේ පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර ය.

විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්විණ.

විවාදයේ දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *