හැම රටක් ම දියුණු වුණේ මව්බසින් වැඩ කරලා…! අධිකරණයේ භාෂාවත් මව්බස විය යුතුයි…! – ගෙවිඳු….

October 20, 2022 at 4:00 pm | by emanisa.lk

මේ රටේ නීති අධ්‍යාපනය ලබා දිය යුත්තේ මව් බසින් බව යුතුකම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඉංගිරිසි බසින් අධ්‍යාපනය ලබා දීම යනු ඉතා ම යල්පැන ගිය අදහසක් බවයි, ඔහු අවධාරණය කළේ.

එංගලන්තය නැගී සිටියේ ලතින් රෝම භාෂාවල වහලුන් ලෙස සිටි කාලයේ නොව බයිබලය සිය මබ්වස වන ඉංගිරිසියට පරිවර්තනය කිරීමත් සමග බව ද ගෙවිඳු කුමාරතුංග පෙන්වා දුන්නේය.

ආසියාවේ නැගී සිටි චීනය, ජපානය, කොරියාව ආදී සියලු රටවල් නැඟී සිටියේ සිය බසින් මිස ඉංගිරිසි බසින් නොවන බව ද ඔහු සඳහන් කරයි.

ජර්මනිය, ප්‍රංශය, පින්ලන්තය ආදී යුරෝපා රටවලට අධ්‍යාපනය සඳහා ගියහොත් පළමුව ඒ රටේ භාෂාව ඉගනීමට සිදුවන බව ද ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කරයි.

උතුරු නැඟෙනහිර දෙමළ බසින් ද ශ්‍රේෂ්ඨාධීකරණය ඉංගිරිසි බසින් ද නඩු ඇසීම නිසා සිංහලයා අසරණ වී ඇති බවත් මේ අයුක්ති සහගත ක්‍රියාදාමයෙන් මිදිය යුතු බවත් ඔහු කීය.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *