මේ රටේ නීති අධ්‍යාපනය ලබා දිය යුත්තේ මව් බසින් බව යුතුකම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඉංගිරිසි බසින් අධ්‍යාපනය ලබා දීම යනු ඉතා ම යල්පැන ගිය අදහසක් බවයි, ඔහු අවධාරණය කළේ.
එංගලන්තය නැගී සිටියේ ලතින් රෝම භාෂාවල වහලුන් ලෙස සිටි කාලයේ නොව බයිබලය සිය මබ්වස වන ඉංගිරිසියට පරිවර්තනය කිරීමත් සමග බව ද ගෙවිඳු කුමාරතුංග පෙන්වා දුන්නේය.
ආසියාවේ නැගී සිටි චීනය, ජපානය, කොරියාව ආදී සියලු රටවල් නැඟී සිටියේ සිය බසින් මිස ඉංගිරිසි බසින් නොවන බව ද ඔහු සඳහන් කරයි.
ජර්මනිය, ප්‍රංශය, පින්ලන්තය ආදී යුරෝපා රටවලට අධ්‍යාපනය සඳහා ගියහොත් පළමුව ඒ රටේ භාෂාව ඉගනීමට සිදුවන බව ද ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කරයි.
උතුරු නැඟෙනහිර දෙමළ බසින් ද ශ්‍රේෂ්ඨාධීකරණය ඉංගිරිසි බසින් ද නඩු ඇසීම නිසා සිංහලයා අසරණ වී ඇති බවත් මේ අයුක්ති සහගත ක්‍රියාදාමයෙන් මිදිය යුතු බවත් ඔහු කීය.
අද (20) පාර්ලිමේන්තුව අමතමින් ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය.