මේ වන විට රටේ තරුණ පරපුර ජනතා විමුක්ති පෙරමුණට දැඩි ලෙස ආකර්ශනය වී ඇතැයි හිටපු අමාත්‍ය, නිදහස ජනතා සභාවේ ඩලස් අලහ්පෙරුම පවසයි.
තමන්ට සිටින්නේ පුතුන් දෙදෙනෙකු බවත් තම නිවසේ තත්ත්වය ද ඊට වෙනස් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ රටේ පවුල් පාලනයට තමන් නැවත කිසිදා සම්මාදම් නොවන බවත් වසර 30ක් තිස්සේ තමා අතින් සිදු වූ වරද නිවැරදි කර ගැනීමට නායකත්වය ලබා දෙන බවත් ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමැතිරයා මේ බව ප්‍රකාශ කළේය.