සපුගස්කන්ද පිරිපහදුවට සරිලන වර්ගයේ බොරතෙල් නොගෙන කොරල් එනර්ජි සමාගමෙන් ලබාගත් ප්‍රමිතියේ තොර බොරතෙල් නිසා මාස හයක දී රටට සිදුව තිබෙන සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් ඉක්මවා ඇතැයි තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම බොරතෙල් වර්ගය (ඌරල් සහ එක්ස්පෝ) පිරිපහදු කිරීමේදී වැඩි වශයෙන් දැවිතෙල් නිෂ්පාදනය වී ඇති අතර භූමිතෙල් නිෂ්පාදනයද විශාල ලෙස අඩු වී ඇත.
මෙරටට බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන වර්ග ඇනවුම් කර ඒවා ගොඩබෑමට පෙර ලබාගන්නා සාම්පල් පරීක්‍ෂණයට ලක් කරන මුත් අදාළ කටයුතු භාර තාක්‍ෂණික ඇගයීම් කමිටුව නිසි ලෙස එම කටයුතු සිදුනොකිරීම නිසා මෙම තත්ත්යට මුහුණ දීමට සිදුව තිබේ.
ඉකුත් මාස හයේ දී ප්‍රමිතියෙන් යුතු බොරතෙල් මිල දී ගෙන ඉන්ධන නිෂ්පාදන කටයුතු නොකළ නිසා ඉහත පාඩුව සිදු වී ඇතැයි වාර්තා වෙයි.