රුසියානු මීර් ගෙවීම් පද්ධතියට එක්විය නොහැකි බව ශ්‍රීලංකාව දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
අමෙරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම අවස්ථාවේ ඊට එක්විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත.
ලොව රටවල් රැසක් අමෙරිකාවේ සම්බාධකවලින් වැළකීමේ අරමුණින් රුසියානු මහ බැංකුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක මීර් ගෙවීම් පද්ධතියෙන් ඉවත්ව සිටී.
අමෙරිකානු ඩොලර් ගෙවීමකින් තොරව රුසියාව සමග ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයක් ලෙස මීර් කාඩ් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වෙයි.
රුසියානු මුදලින් ගනුදෙනු කළ නොහැකි වීම එරටින් අඩු මිලට තෙල් මිලට ගැනීමේ දී විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි පසුගිය සමයේ ප්‍රකාශ විය.