තිරිඟු පිටිවල තොග මිල පහළ දමා ඇතැයි අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රු. 290ක් දක්වා පහළ දමා ඇත බව ය. මීට පෙර තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක් අලෙවි වූයේ රු. 375කට ය.
තුර්කියෙන් ආනයනය කරන ලද තිරිඟු පිටි වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමග මෙලෙස එහි තොග මිල පහළ දැමූ බව සෙනෙවිරත්න වැඩි දුරටත් පැවසීය.
මේ අනුව පසුගිය සමයේ ඉහළ ගිය පාන් ඇතුළු බේකරි කෑම මිල පහත වැටෙනු ඇතැයි වාර්තා වෙයි.