ආර්ථික අපරාධ ගැන IMF කිසිවක් කියා නෑ…! – මහ බැංකු අධිපති…

October 7, 2022 at 9:36 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කරන ආකාරයේ ආර්ථික අවභාවිතයක් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවක් ප්‍රකාශ කොට නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඒ, ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

තමන් දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නැති බවයි, මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මේ මාසය අවසානයේ දී පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ කීය.

මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද දක්නට ඇති බව හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *