පුනරුත්ථාපනය කළ යුත්තේ අරගල කළ තරුණ තරුණියන් නොව රාජපක්ෂ පරපුර බව සජබ සභාපති සරත් ෆොන්සේකා පවසයි.
“නාමල් රාජපක්ෂ කියනවා අරගල කරපු තරුණ තරුණියන්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා.
අරගල කරපු තරුණ තරුණියෝ නෙමෙයි පුනරුත්ථාපනය කරන්න ඕනේ උන්ගේ පරම්පරාව. මේ රට විනාශ කරපු රාජපක්ෂ හත්මුතු පරම්පරාවයි.
අරගලයක් නැතිව මේ රටට ගමනක් නෑ. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ජනතා විප්ලවයක් ඇති වෙන්න ඕන. මෙතන විරෝධතා පා ගමනේ දරුවන්ට පොලිසිය කරපු දේ ඔක්කොම මම දැක්කා.”