රාජ්‍ය නායකත්වයට සුදුසුකම උමන්දාවේ අභිෂේක කිරීමයි…! ජනපති රනිල් අභිෂේක ගැන්නුවා..! – සමන්තභද්‍ර හිමි…

October 4, 2022 at 8:06 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උමන්දාවට පැමිණි බව සිරි සමන්තභද්‍ර හිමියෝ පවසති.

උමන්දාව යනු රටේ රාජ්‍ය නායකයා කවුරු වුව ද ඔහු ස්පර්ශ කළ යුතු රාජකීය භූමියක් බවයි, උන් වහන්සේ පවසන්නේ.

එම භූමිය ස්පර්ශ නොකිරීම මෙරට රාජ්‍යයත්වයට නුසුදුසුකමක් බව සමන්තභද්‍ර හිමි අවධාරණය කරයි.

මෙරට රාජ්‍යයත්වයට සුදුසුකම ලැබෙන්නේ එම භූමිය ස්පර්ශ කර අභිෂේක කළ පසු බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය දැන ගන්නට ඇති බවත් උන් වහන්සේ අනාවරණය කරති.

නූතන රාජ්‍යත්වයේ සලකුණ මෙන් ම ජාතිය ප්‍රභෝධයට පත් කරන පුණ්‍ය තීර්ථය උමන්දාව බව ද සමන්තභද්‍ර හිමි වැඩි දුරටත් පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *