බැසිල් ජනතාවට බිලියන 140ක බද්දක් ගහලා…! – හර්ෂ

October 1, 2022 at 3:12 pm | by emanisa.lk

රු. මිලියන 120ට වැඩි ව්‍යාපාරික පිරිවැටුම මත පැනවෙන සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මක වෙයි.

එම බද්ද 2.5%ක් වන අතර එමගින් රු. බිලියන 140ක ආදායමක් රජය අපේක්ෂා කරයි.

ඖෂධ, ඉන්ධන, LP ගෑස්, දේශීය නැවුම් කිරි, රබර්, කුරුඳු, විදුලි උත්පාදනය, ජල සැපයුම, සංචාරක සේවා, නිමි ඇඳුම්, සිනමා, මගී ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් මෙම බද්දෙන් නිදහස් වෙයි.

කෙසේ වුව ද සමගි ජන බලවේග මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මෙය සඟවා ජනතාව මත පටවන ලද බද්දක් බවයි.

පිරිවැටුම මත පනවන බදු ව්‍යාපාරිකයින් සිය ලාභයෙන් නොගෙවන බවත් එය පාරිභෝගිකයා මත පටවන බවත් ආචාර්ය සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

2022 අයවැය මගින් මෙම බද්ද හඳුන්වා දෙනු ලැබුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *