තිරිඟු පිටි මිල සැලකිය යුතු මුදලකින් පහළට….!

September 23, 2022 at 8:41 am | by emanisa.lk

ඇනවුම් කරන ලද තිරිඟු පිටි මේ වන විට වරායට පැමිණ ඇති නිසා ලබන සතියේ සිට පිටි මිල පහළ යනු ඇතැයි ආනයනකරුවෝ පවසති.

තුර්කියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඇනවුම් කළ තිරිඟු පිටි තොග පසුගිය සතියේ සිට මෙරටට ලැබී ඇත.

ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම් පසුගිය මාස කිහිපයේ තිරිඟු පිටි ඇනවුම් නොකිරීම නිසා රට තුළ පිටි හිඟයක් ඇති වූ අතර ඒ හේතුවෙන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 350-400 දක්වා ඉහළ ගියේය.

කෙසේ වෙතත් කොළඹ හතර වන හරස් වීදියේ ආනයනකරුවන් ඇනවුම් කළ පිටි තොග ලැබීමත් සමග කිලෝවක මිල රුපියල් 300 පහළ මට්ටමකට පහත බසිනු ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *