ජනතා විමුක්ති පෙරමුණ යනු ලෝකය පැතලි යයි සිතන්නගේ සංගමය (Flat Earth Society) වැනි කණ්ඩායමක් බව සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි පවසයි.
ලෝකය ගෝලාකාර බව විද්‍යාත්මකව තහවුරු කළ ද තවමත් ලෝකය පැතලි යැයි සිතන පිරිසක් සිටින බවත් ඔවුන් සමිති සමාගම් ගොඩනඟා ගෙන සිය මතය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
රසික ජයකොඩි පවසන්නේ ලෝක යථාර්ථය පිළිනොගෙන ලෝකය ඉදිරියට යන ගතිකයන් පිළිනොගෙන ලෝකය සමග යාවත්කාලීන නොවන තවමත් 1960 ගණන්වල ජීවත් වන ජවිපෙද එවැනි පිරිසක් බවයි.
හොරු ඇල්ලුව ම සියල්ල හරි යයි ආදී ඉතා ම ජනප්‍රියවාදී බාල බොළඳ සිල්ලර කතා කියමින් හැසිරෙන ගැඹුරු දේශපාලන දර්ශනයක් නැති ජවිපෙට දිගු ගමනක් යා නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.