දසුන් ශානක රනිල් වගේ නෙමෙයි සජිත් වගේ..! – හර්ෂණ…

September 18, 2022 at 8:14 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් දසුන් ශානක වැනි නායකයෙක් යැයි ප්‍රකාශ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

දසුන් ශානක මෙන් ම මුළු ක්‍රිකට් කණ්ඩායම ම අලුත් වුව ද තමා පාසල් යන කාලයේ සිට එජාප නායකයා රනිල් බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

රනිල් වික්‍රමසිංහ සමග සිටින පිරිස දසුන් ශානක සමග සිටින පිරිසට සමාන කළ නොහැකි බවත් නාමල්, මහින්දානන්ද, ජොන්ස්ටන් වැනි මරු බඩු ටිකක් ඔහු සමග නුදුරේ දී ම එකතු වන බවත් හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

කොළොන්නාවේ අද (18) පැවැති සජබ ආසන බල මණ්ඩල හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *