ඊළම දීලා හරි අපට කන්න දියවු කියලා දේශප්‍රේමීන් ළඟදිම පාරට බහිනවා…! – ගම්මන්පිල…

September 16, 2022 at 1:02 pm | by emanisa.lk

මෙරට ආර්ථිකය සැලසුම්සහගතව කඩා බිඳ දැමුවේ ඉන්දුනීසියාවට කළ දේ ලංකාවට කිරීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, 1997 ඉන්දුනීසියාව ද මෙවැනි දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑ බවයි.

එහි දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ආර්ථික අර්බුදය විසඳීමට මුදල් ලබා දිය හැකි බවත් ඊට හිලව් ලෙස අචේ ප්‍රාන්තයට ස්වයං නිර්ණන අයිතිය සහ නැඟෙනහිර ටිමෝරයට නිදහස ලබා දිය යුතු බවට කොන්දේසි පැනවූ බව ද ගම්මන්පිල සඳහන් කළේය.

මේ අපේ රටයි කියා හඬ නැඟූ එරට දේශප්‍රේමි ජනතාව නැඟෙහිර ටිමෝරයට නිදහස ලබා දී හෝ තමන්ට කන්න දෙන ලෙස ඉල්ලා පෙළපාළි ගියේ යැයි ද හෙතෙම පැවසුවේය.

මෙරට ආර්ථිකය හිතාමතා බිඳ වැට්ටීමේ අරමුණ ද බටහිර න්‍යාය පත්‍රය ලංකාවේ ක්‍රියාත්මක කිරීම බවයි, උදය ගම්මන්පිල වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *