දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වන තුරු තරුණයින්ට බලය ලැබෙන්නේ නෑ…! – මහින්ද දේශප්‍රිය….

September 16, 2022 at 10:51 am | by emanisa.lk

දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුවී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

“ලොකු ස්ලෝගන් එකක් තමයි 60න් රජයේ නිලධාරීන් යනවා නම් ඇයි 60න් දේශපාලනඥයින් යන්නේ නැත්තේ කියලා. හැබැයි කවුරුත් අහන්නේ නෑ 65 වෙනකල් සුප්‍රීම් කෝට් විනිසුරුවරු ඉන්නේ ඇයි කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඇයි 65 වෙනකල් ඉන්න දෙන්නේ. යම් විදියකින් අවුරුදු 59කින් විශ්‍රාම යන රජයේ සේවකයෙක් හිතුවොත් එයා දේශපාලනයට එනවයි කියලා එයාට එන්න අවස්ථාවක් නැද්ද.

අනිත් පැත්තෙන් අපේ තරුණයෝ ඉතාම හොඳට කරනවාද? මම තරුණයෝ හෙළාදකිනවා නෙවෙයි. තරුණයෝ වෙනුවෙන් පෙනී සිටිනවා නමුත්. තරුණයන් අතර සහ වැඩිහිටියන් අතර මේ තියෙන අවුල, වෙනස අයින් කරලා හැමෝගෙම මික්ස් එකක්, සියයට සීයක් වැඩිහිටි පාර්ලිමේන්තුවකින් හරි. සියයට සීයක් තරුණ පාර්ලිමේන්තුවකින් හරි මේ ගැටලුව විසඳන්න බෑ.

මේක වෙන්න නම්, මේ තරුණයන්ට අවශ්‍ය බලය නොලැබෙන්න හේතුව මොකක්ද? මූලික කරුණ දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති එක. ඒක නෑ. ඕනෑම පක්ෂයක අරන් බැලුවොත්. අපේ රට පාලනය කරපු පක්ෂයේ ඉඳලා මන්ත්‍රී ධුරයක්වත් නැති, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක්වත් නැති පක්ෂත් තියෙන නිසා, ඒ ඔක්කොම එකට අරන් බැලුවත්, ඒකෙ නායකයින්ට අසීමිත බලයක් තියෙනවා.

අන්න ඒක වෙනස් කරන්න ලබෙන තාක්කල්, අපි මේ තරුණයින්ගේ ප්‍රශ්නය හෝ කාන්තාවන්ගේ ප්‍රශ්නය, සංඛ්‍යාත්මකව සුළුතරය වූ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය, මලය තමිල් ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *