සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් මේ වන විට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000ක් බැගින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන බව වාර්තා වෙයි.
එමෙන්ම දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක් ද පිරිපහදුවෙන් නිකුත් කෙරෙනු ලැබේ. එහි ප්‍රකාශකයෙකු පෙන්වා දුන්නේ මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදුවන බවය.
ඉන්ධන අර්බුදය අවසන් කිරීමේ අරමුණින් පිරිපහදුවේ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් මින් පෙර පැවති ආකාරයටම පිරිපහදුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත් හෙතම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.