ගෑස් මිල අඩු කළාට පිටි මාෆියාව මැඩලන තුරු ආහාර මිල පහළ දාන්න බෑ..!

September 5, 2022 at 6:29 am | by emanisa.lk

අද දිනයේ ගෑස් මිල අඩු වුවත් ආපන ශාලාවල ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

කළු කඩ මාෆියාව නිසා භාණ්ඩ මිල අඩු නොවන බවත් එනිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

මෙරට පිටි ආනයනකරුවන් පිටි තොග සගවා කළු කඩ හරහා වැඩි මිලට නිකුත් කරමින් සිටින බවත් වහාම ඔවුන්ගේ ගබඩා වැටලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ගෑස් මිල අඩු වුවත් ආහාර මිල අඩු හෝ වැඩි කළ නොහැති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *