හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව හිටපු රාජ්‍ය ඇමැතිනී සීතා විශේෂඥ වෛද්‍ය අරඹේපොළ පවසයි.
කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයිද ඇය සඳහන් කළාය.
හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට පැමිණෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත.