ලංකාවට IMF අතහිත..! ඩොලර් බිලියන 2.9ක මුදලක්..!

September 1, 2022 at 11:58 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

මාස 48ක වැඩපිළිවෙළක් සමඟ මෙය ක්‍රියාත්මක වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුව ද ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය පහසුකමක් ලබා දීමට තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *