පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියගේ නිවසට සහ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවසට මෙන්ම ජාතික රූපවාහිනියට සහ තවලම ප්‍රාදේශීය සභාවේ කැබ් රථයකට පහරදී අලාභානි කළ පුද්ගලයන් 4 දෙනෙකු පොලිසිය මගින් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මැයි 9 වෙනි දින මන්ත්‍රී තාරක බාලසූරියගේ කෑගල්ල බණ්ඩාරනායක මාවතේ නිවසට පහර දී දේපළවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස විමර්ශන නිලධාරීන් විසින් කෑගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ගීතා කුමාරසිංහගේ රාජගිරිය නාවල පාර පිහිටි නිවසට ඇතුළු වී දේපළවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් වැලිකඩ මාලිගාව පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වැලිකඩ පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මැයි 9 වෙනි දින තවලම 8 කණුව ඉදිරිපිට මාර්ගයේ දී තවලම ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් පැලවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව ඉකුත් ජුලි 13 වෙනි දින ජාතික රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී සේවකයන් බියගන්වා රජයේ දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසියට භාරවීමෙන් අනතුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.