අයවැයෙන් කියැවෙන කතා මේ රටේ කිසි දිනක යථාර්ථයක් නොවූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
සමගි ජන බලවෙිග සභාපති ෆොන්සේකා පෙන්වා දෙන්නේ මෙවර අයවැය කතාවෙන් ද කිසිවෙකුට උවමනා නම් කෙටි කාලයකට වින්දනයක් ලැබිය හැකි බවයි.
අයවැයෙන් සමෘද්ධි දීමනාව තවත් පිරිසකට ලබා දීමට යෝජනා කර ඇති බවත් අනාගතයේ රටේ මිලියන 22ට ම සමෘද්ධිය ලබා දීමට සිදුවනු ඇති බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් ප්රකාශ කළේය.