කැමරා නැතිව රංජන් ජනපති හමුවට…!

August 30, 2022 at 11:30 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වීමට අවස්ථාවක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ඉල්ලීම යොමු කර තිබේ.

කෙසේ වුව ද එම අවස්ථාවේ ඡායාරූප නොගත යුතු බව රංජන් රාමනායක මෙහි දී විශේෂයෙන් ඉල්ලා තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කළ රංජන්ට පසුගියදා ජනාධිපති සමාව ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *