හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක ජනාධිපති රනිල් වික්රමසිංහ හමු වීමට අවස්ථාවක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ඉල්ලීම යොමු කර තිබේ.
කෙසේ වුව ද එම අවස්ථාවේ ඡායාරූප නොගත යුතු බව රංජන් රාමනායක මෙහි දී විශේෂයෙන් ඉල්ලා තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කළ රංජන්ට පසුගියදා ජනාධිපති සමාව ලැබිණි.