ලංකාව ණය අර්බුදයෙන් ගොඩ ගන්න ජපාන සහාය…! ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට සැලසුම්…!

August 26, 2022 at 2:57 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදය විසඳීමට ජපානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශ්වවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වුව ද එම සාකච්ඡා සඳහා චීනයේ සහාභාගීත්වය පිළිබඳව අවිනිශ්චිත අතර ලංකාව බාහිර පාර්ශ්වයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක් හෙවත් ඩොලර් බිලියන 3.5ක් චීනය සතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *